Sunday, March 8, 2015

2003 ගං වතුරේදී අප ඔබට සුවය දුන්නෙමු

2003 වසරේ ඇතිවූ ගංවතුර හේතුවෙන් අප වරට තුල විශාල දේපල හා ජිවිත හානි රාශියක් සිදුවිය.විශේෂයෙන්ම දකුණ පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල,දෙනියාය පිටබැද්දර ,මුලටියන,පස්ගොඩ ,මාතර ,අකුරැස්ස,අතුරලිය,යන ප්‍රදේශ හි ජන ජීවිතය සම්පුර්ණයෙන්ම කඩා වැටුණි.එයට රජයෙන් හා වෙනත් සංවිධාන වලින් යාම සහන ලැබුණු අතර අපද  දෙනියාය මෙදෙරිපිටිය විහාරස්ථානය,පල්ලේගම දොඩමේතොට අරණ්‍ය සේනාසනය,කොටපොල ගල්දොල මගහෙන ප්‍රජා ශාලාව,කොස්මෝදර විහාරස්ථානය ,කොඩිකාරගොඩ මිගරමතා විහාරස්ථානය,දෙනියාය දියදාව වත්ත කෝවිල යන ස්ථානයන්හිදී වේදය සයන පවත්වා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්හ.එය අපගේ පළමු ප්‍රජා සත්කාරය විය 

Sunday, February 22, 2015

දේශීය වෛද්‍ය ක්‍රමයේ විකාශනය

අනුරාධපුර යුගය
ලිඛිත සාක්ෂි නොමැති වුවත් දේශීය චිකිත්සාවේ ආරම්භය විජය රජතුමාගේ කාලයටත් වඩා පැරණි යුගයට අයත්වන බව විදවතුන්ගේ මතයයි. පසු කාලීනව රචනා වූ ඉතිහාස සහ අනෙකුත් ශාස්ත්‍රීය ග්‍රන්ථ වල එම තොරතුරු පිළිබදව යම් යම් අදහස් ඉදිරිපත් කර ඇත. මිනිසාට කථන හැකියාව ලැබුනු දින සිට (ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට) හෙතෙම විසින් නිපදවා ගත් දැනුම මුඛ පරම්පරාවෙන් පරම්පරාවට සුරැකිව රැගෙන විත් තිබේ. වෛදික ග්‍රන්ථ වල ඇතුලත් ධර්මයද ත්‍රිපිටක ග්‍රන්ථ වල ඇතුලත් අභිධර්මය ඇතුළු අනෙකුත් ධර්ම කරුණුද මහාවංශය දීපවංශය වැනි ලංකීය ඉතිහාස ග්‍රන්ථ වල පසු කාලීනව ලියා තැබූ ලාංකේය ඉතිහාසයද එසේ පරම්පරාවෙන් පරම්පරාවට සුරැකිව රැකගෙන ආ  දැනුම් සහ තොරතුරු වලට උදාහරණ ලෙස දැක්විය හැකිය. ආයුර්වේදය හෝ දේශිය වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන්ද එම න්‍යායම වලංගු වේ.
ආයුර්වේදය සඳහා භාරතය තුල සවිමත් පදනමක්!
භාරතයේ අඛණ්ඩව පැවත ආ දියුණු ආයුර්වේද චිකිත්සා ක්‍රමයක් තිබී ඇත. ඒ සදහා ලිඛිත සාක්ෂි අවශ්‍ය පමණටත් වැඩියෙන් ඔවුන් සතුව ඇත. ශ්‍රී ලංකාවේ එසේ අඛණ්ඩව පැවත ගෙන ආ දේශිය වෛද්‍ය ක්‍රමයක් පිළිබඳව ලිඛිත තොරතුරු හමුවන්නේ නැති තරම්ය. භාරතීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයද පළමුව ආරම්භවී ඇත්තේ ප්‍රාථමික මට්ටමෙන් බව විද්වතුන්ගේ මතයයි. එය බොහෝ විට ඉන්දු ආර්යයන්ගෙන් විය හැක. ආයුර්වේද  සාහිත්‍යයේ කෙසේ සඳහන් වුවද (පළමුවරට මහා බ්‍රහ්මයා විසින් ආයුර්වේදය ලොවට දායාද කල බව) ක්‍රිස්තු පූර්ව හය වැනි සියවස වන තුරු මෙම වෛද්‍ය ශාස්ත්‍රය සැලකිය යුතු දියුණුවක් අත්පත් කර ගෙන තිබී නැත. එහෙත් හය වැනි සියවසෙන් පසුව භාරතයේ බිහිවු විවිධ දර්ශනවාද තුලින් ආයුර්වේදය සදහා යම් උත්තේජයක් ලැබී ඇත. එය ආයුර්වේදයේ විධිමත් සහ තර්කානුකූල පදනමක් ගොඩනැගීමට හේතු වු අතර ආයුර්වේදයේ ශීඝ්‍ර වර්ධනයට මහත් රුකුලක්ද වී ඇත. එහිදි පැහැදිලි ලෙසම න්‍යාය, වෛශේෂික, සාංඛ්‍ය, මීමාංසා සහ පතංජලී යෝග දර්ශනය යන දර්ශනවාදයන්ගේ සෘජු දායකත්වයක් ආයුර්වේද දර්ශනය ගොඩනැගීමට ලැබී ඇත. මේවා හින්දු ආගම සමග සබැදි දරුශනයන් වන බැවින් ආයුර්වේදයටද හින්දු ආගම සම්බන්ධ කරන්නට එකල සමාජයේ සිටි බලවත් හින්දු පූජකයින් කටයුතු කරන්නට ඇතිය යන්න සිතිය හැක. මෙසේ ක්‍රමිකව සහ විධිමත්ව වර්ධනය වු ආයුර්වේද දර්ශනය හා වෛද්‍ය ක්‍රමය භාරතයේ ඒ වන විට ගොඩනැගී තිබුණු කීර්තිමත් අධ්‍යාපන ආයතන වල ප්‍රධාන විෂයයක් ලෙස උගන්වා ඇත. එම යුගයේ වඩාත් සක්‍රීය භාෂාවක් ලෙස පැවති වර්තමානය වන විට අභාවයට ගොස් ඇති සකු(සංස්කෘත) බසෙන් ආයුර්වේද මුල ග්‍රන්ථ රචනා වීම මේ සදහා ඇති හොදම ලිඛිත උදාහරණයි. මෙම ග්‍රන්ථ භාරතයේ ආයුර්වේදය තදින්ම මුල් බැස ගැනීමට හේතු වී ඇත.
භාරතයට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුල සංස්කෘත භාෂාවෙන් රචනා වූ ආයුර්වේද ග්‍රන්ථ හමු වන්නේ ඉතා අල්ප වශයෙනි. එසේ වන්නට හේතු ලෙස අපට උපකල්පනය කල  හැකි හේතු දෙකක් ඇත. ඒවා නම්  එකල රචනා වූ සංස්කෘත ග්‍රන්ථයන් විනාශ වීම හෝ නැතිනම් රචනා නොවීම යන හේතුන් දෙකයි. කෙසේ නමුත් අනුරාධපුර යුගයේ රජ කල බුද්ධදාස නැමති රජතුමෙකු විසින් රචිත ආයුර්වේද මූල ග්‍රන්ථයක් පිළිබද තොරතුරු හමුවේ. සංස්කෘත භාෂාවෙන් රචිත සාරාර්ථ සංග්‍රහයනම් වු එම ග්‍රන්ථය වර්ථමානයේද එකසේ ගරුත්වයට පාත්‍ර වී ඇත. එක් ග්‍රන්ථයක් පමනක් ඉතිරි වි අනෙක්වා සියල්ලම විනාශ වියැයි සිතිම පහසු නැත. එනිසා අපට නිගමනය කිරීමට සිදුවන්නේ ශ්‍රි ලංකාව තුල සංස්කෘත බසින් රචනා වූ මූල ග්‍රන්ථ හමු නොවීමට හේතුව ලෙස ආයුර්වේද ග්‍රන්ථ රචනා නොවිය යන්න පිළීගැනීමට සිදුවේ.
දේශීය වෛද්‍ය ක්‍රමය ගැන උපකල්පනය කල හැකි තත්ත්වයක්  වන්නේ දේශිය චිකිත්සා ක්‍රමය යනු බොහෝ විට අත්බෙහෙත් සහ ඖෂධ වට්ටෝරු මගින් පවත්වා ගෙන ගිය වෛද්‍ය ක්‍රමයක් ලෙස පැවතෙන්නට ඇතය, යන්නයි. නැති නම් මෙසේ සංස්කෘත භාෂාවෙන් ලියැවුනු ආයුර්වේද ග්‍රන්ථ හිගවීමට හේතුවක් නැත.
දහනමවන සියවසේ අග භාගයේ සිට විසිවන සියවස ආරම්භය වන විට දේශිය උගතුන් භාරතයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට උත්සුක වූ බව පෙනේ. එම යුගයට පෙර එවැනි තත්ත්වයක් වර්ධනය වී තිබුනු බවට සාධක හමු වන්නේ නැත. සිදු වූයේ භාරතයෙන් මෙරටට උගත් බ්‍රාහ්මණයින් පැමිණීමයි. මෙරට බොහෝ ක්ෂේත්‍ර වල අඛණ්ඩ වර්ධනය උදෙසා භාරතීය බලපෑම අතීතයේ සිට ලැබී තිබුනත් ආයුර්වේදය කෙරෙහි එය එලෙසින්ම වලංගු නොවන බව පෙනේ. මෙම තත්ත්වය කෙරෙහි ප්‍රධාන ලෙස බලපාන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන තිබුණු ථේරවාදී බුදු දහම වන්නට ඇති බවට සිතීමට පදනමක් ඇත. අනාත්ම වාදී බුදු දහම සමග ආත්ම වාදී දර්ශනයක් පදනම් කර ගත් ආයුර්වේද දර්ශනය බොහෝ දුරට එකට නොගැලපීම එම පදනම ලෙස දැක්විය හැක. මුල් යුගයේ සමාජයේ අධ්‍යාපන අංශය කේන්ද්‍ර වී පැවති භික්ෂු සමාජය තුල හින්දු ආභාෂය සහිත මෙම ආත්මවාදී දර්ශනය මුල්බැස ගැනීමට රජුත් භික්ෂු සමාජයත් විරුද්ධ වන්නට ඇත. මහාවංශ ඉතිහාසයට අනූව මෙරට ථේරවාදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන විද්‍යාපීඨයක් වූ මහා විහාරයේ ආයුර්වේදය විෂයයක් ලෙස ඉගැන්වූ බවට සාධක හමුවන්නේ නැත්තේ ඒ නිසාම විය යුතුය. භාරතයේ මෙන් ගිහි පඬිවරුන් විසින් ඇති කර පවත්වා ගෙන ගිය ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතන කිසිවක් පිළිබඳව එම යුගයේ සාක්ෂි හමුවන්නේ නැත. එයින් ‍ආයුර්වේද විෂය පොදු ජනයා අතර ප්‍රසිද්ධ හා ගරු කටයුතු විෂයයක් ලෙස පැවතීමේ අවස්ථාව මගහැරී යාම සිදුවන්නට ඇත. මෙය ආයුර්වේදයේ අඛණ්ඩ වර්ධනය මන්දනය විමට හේත් වි ඇත. කෙසේ නමුත් අතරින් පතර බලයට පැමිනි සමහරක් රජවරුන්ගේ මැදිහත් වීම් මත ආයුර්වේදය මෙරට තුල යම් යම් ධනාත්මක ස්ථාපිත වීම් සිදුකර ඇත.
භාරතය තුල පුරාතනයේ පැවති පැරණි ගුරුකුල අධ්‍යාපන ක්‍රමය තුල අර්ථශාස්ත්‍රය, කලාව හා සංගීතය, ජෝතිෂ්‍යය, වෛද්‍ය ශාස්ත්‍රය, ගෘහ නිර්මාණ ශිල්පය වැනි විෂයයන් දිසාපාමොක්, චරක, සුශ්‍රැත, කෞටිල්‍ය, වාල්මිකී, භරතමුනි වැනි ශ්‍රේෂ්ඨ ගිහි පඬිවරුන් යටතේ බිහිවීම සිදුව ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ එවන් ගිහි ප්‍රාඥයින් හමුවන්නේම නැති තරම්ය. සංස්කෘත භාෂාව වැනි භාරතීය භාෂාවන් ඉ‍ගෙනගෙන ආයුර්වේදය හා භාරතීය ශිල්ප ඉගෙන ගැනීමක් පිළිබදව පොදුවේ සදහනක් නොමැති මුත් අතලොස්සක් දේශිය චිකිත්සකයින් ස්වහෝත්සාහයෙන් සංස්කෘත වැනි භාෂාවන් හදාරා භාරතයෙන් මෙහි ගෙන එන ලද සංස්කෘත ආයුර්වේද ග්‍රන්ථ කියවා බලා ආයුර්වේද සංකල්ප තම චිකිත්සා කර්මයන් සදහා යොදා ගෙන ඇත.
පුරාණ ශ්‍රී ලංකාවේ යම් ශිල්පයක් දියුණු වුවා නම් එසේ වුයේ රජුගේ සෘජු අනුග්‍රහය ලැබීම නිසාවෙනි. කලා ශිල්පයට, වාරි ශිල්පයට හා මූර්ති ශිල්පයට යම් ආකාරයක රජුගේ දායකත්වයක් ලැබුනාද එවන් යුග වලදී එම ශිල්පයන්ගෙන් ඉහලම නිර්මාණ බිහිවිය. එලෙසම වෛද්‍ය කර්මයටත් රජුගේ අනුග්‍රහයක් ලැබුනු අවධි වල වෛද්‍ය විද්‍යාවද එලෙසම දියුණු විය.
රාවණා මෙරට විසුවේ යැයි නොපිළි ගන්නේ ඇයි?
සැලකිය යුතු ඉතිහාසඥයින් පිරිසක් විසින් හුදු මිත්‍යා කතන්දර ජනප්‍රවාද ලෙස බැහැර කරණා රාවණා රජු සම්බන්ධ ඉතිහාසය එලෙසින්ම බැහැර කිරීම ප්‍රඥාගෝචර වන්නේ නැත. ජනප්‍රවාද වල වුවත් සුළු සුළු වශයෙන්  අතිශයෝක්ති ගත කරුණු ඇතුලත් විය හැකි මුත් මුලීකව පදනම් වූ සිද්ධියක් හෝ මූලාශ්‍රයකින් තොරව කිසිදු ජනප්‍රවාදයක් හෝ මිත්‍යාවකට මෙතරම් කල් පැවතීමට හැකිදැයි යන ගැටළුව පවති. රූමස්සල කන්ද, රිටිගල කදුවැටිය, ලක්ගල, සීතාඑලිය, රාවණා ඇල්ල වැනි ස්ථාන හා නාමයන් සමග එන ඉතිහාස ගත තොරතුරු හා එම ස්ථානයන්හි ඇති සුවිශේෂිතා පහසුවෙන් බැහැර කල හැකි ඒවා නොවේ. එවැනි පසුබිමක රාවණා රජු සම්බන්ධ පුරාවෘත්ත සදහා යම් පිළිගැනීමක් ලැබීම වැලැක්විය නොහැක. රවණයන් අති දක්ෂ වෛද්‍ය ‍වරයෙක් ය යන මතයද  ඇත. එතුමා විසින් අර්ක ප්‍රකාශ, උඩ්ඩීස් තන්ත්‍ර, කුමාර තන්‍ත්‍ර හා නාඩි ප්‍රකාශ යන නම් වලින් ආයුර්වේද ග්‍රන්ථ ඇතුළු ග්‍රන්ථ හතරක් රචනා කර ඇති බව ඉතිහාසයේ සදහන්ය. අර්ක ප්‍රකාශය යන ග්‍රන්ථය පිළිබදව විවරණයක් දේශිය වෛද්‍ය ශබ්ද කෝෂය රචනා කල කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් විසින් සිදුකර ඇත.
රාවණා රජතුමා විසින් නිපදවන ලද ග්‍රන්ථ අතුරෙන් එකකි. පාණිනි සංස්කෘත ව්‍යාකරණය හකුළුවා පාණිනි ව්‍යාකරණය කලාක් මෙන්ද ගෞතම සෘෂි න්‍යාය ශාස්ත්‍රය හකුළුවා ගෞතම සූත්‍ර කලාක් මෙන්ද චරක තෙමේ අග්නිවේශ තන්ත්‍රය හකුළුවා චරක සංහිතාව කලාක් මෙන්ද රාවණා මනුජේන්ද්‍ර තෙමේ සකල ආයුර්වේද ග්‍රන්ථ සාරය හකුළුවා අර්ක ප්‍රකාශ කලේය. නොයෙක් රෝගාබාධ සදහා අර්ක වර්ග ඇතුලත් ශාක දහසකින් හෙවත් ශ්ලෝක දහසකින් පරිමිත මේ ග්‍රන්ථය කර තිබෙන්නේ සිය මෙහෙසිය වු මන්ද්‍රොදාරී සමග සිදුකරණ සංවාද  ස්වරූපයෙනි.
වරින් වර ලංකාවට පැමිණ මෙහි පදිංචි වූ භාරතීය බ්‍රාහ්මණ පඬිවරුන් විසින් සංස්කෘත භාෂාව හා සංස්කෘත භාෂාවෙන් රචනා වූ ග්‍රන්ථ ඇතුලත් දැනුම් සම්භාරයක් ලාංකීය රාජකීයයන්ට ලබා දෙන්නට ඇතිය යන අදහසක්ද ඇත. කුඩා කල තම මාමා වරුන් විසින් මරා දැමීමට සොයද්දී ඔවුන්ගෙන් බේරී සිටිමට පලා ගොස් සිටි පණ්ඩුකාභය කුමාරයාට ශිල්ප ඥානය ලබා දුන්නේ පණ්ඩුල නම්වු බ්‍රාහ්මණයා විසින් බව ඉතිහාසයේ දැක්වේ. රුහුණු පුරයේ වාසය කල පණ්ඩුල බ්‍රාහ්මණයා වෙතින් පණ්ඩුකාභය කුමරා මනා ලෙස තම ශිල්ප හදාරන්නට ඇති බවට හොදම සාක්ෂිය වන්නේ එතුමාගේ පසුකාළිනව එතුමාගේ දීර්ඝ රාජ්‍ය පාලන සමයයි. පණ්ඩුල බමුණු තෙමේ සියළු වේද ශාස්ත්‍රයන්හී පරතෙරට ගිය  මහා පඩිව‍රයෙක් බව මහාවංශයේ සදහන්ය. එවැනි පුද්ගලයෙකු ආයුර්වේදය නොදැන සිටියා යැයි සිතිම උගහටය. එතුමා එම ඥාණයද තම ගෝල ශිෂ්‍යයන් හට යම් පමණකට හෝ දායාද කරන්නට ඇතිය යන්න අපට පිළිගැනීමට සිදුවේ.
ක්‍රිස්තු පූර්ව 377 සිට 307 දක්වා මෙරට පාලනය කලේ පණ්ඩුකාභය රජතුමා විසිනි. මෙරට ඉදිවු පළමු විශාලම අභ්‍යන්තර ජලාශය වශයෙන් සැළකෙන අභය වැව(භසවක්කුලම) ඉදිවන්නේද මේ කාලයේදීය. අනුරාධපුරය දියුණු ක්‍රමවත් නුවරක් බවට පත්කරන්නේ මෙතුමා විසිනි. එතුමා නගරය තුල ජනතාවගේ සනීපාරක්ෂාව සහ සෞඛ්‍යයය පිළිබදව සැලකිළිමත් වී චණ්ඩාල කුළයේ සේවකයින් දහස් ගණනක් යොදවා නගරයේ කැළි කසල ක්‍රමවත්ව බැහැර කිරීම සදහා කටයුතු සම්පාදනය කල බැව් මහාවංශයේ සදහන්ය. මීට අමතරව උසස් කුල වල ගර්භණි මාතාවන්ට දරු ප්‍රසූතිය සදහා තිඹිරිගෙයක්/සූතිකා ගාරයක් මෙතුමානන් විසින් කරවු බව ඉතිහාසයේ සදහන් වේ. සුශ්‍රැතයේ සදහන් වන්නේ එවැනි සූතිකාගාර තිඹිරි ලී වලින් තැනිය යුතු බවයි. මෙවැනි තොරතුරු මතින් ගොඩනගා ගත හැකි නිගමනයන් වන්නේ පණ්ඩුල බ්‍රාහ්මණයා විසින් තම ශිෂ්‍ය කුමාරවරුන් වෙත ලබා දුන් ඉතා වටිනා අධ්‍යාපනය තුලින් පසුකලෙක මෙම කුමාරවරු මෙසේ රාජ්‍ය පාලනය කිරීමට අවශ්‍ය ඥාණය ලබා ගත් බවයි.
දේවානම් පිය තිස්ස රජු අවධිය
පණ්ඩුකාභය රජුගෙන් පසු භාරතය සමග වඩාත් කිට්ටු සම්බන්ධයක් ගොඩනගා ගත්තේ දෙවැනි පැතිස් රජු(ක්‍රිස්තු පූර්ව273-232) විසිනි. එතුමානෝ එකල්හි භාරතයේ පාලකයා වූ අශෝක අධිරාජ්‍යයයා වෙතින් තම රජාභිෂේක උත්සවය සදහා පුද පඩුරු ලැබීමට තරම් කිට්ටු ඇසුරක් පැවැත්වූ අයෙකි. වඩා වැදගත්ම කරුණ වන්නේ දෙවන පැ තිස් රජු වෙත එම අවස්ථාවේ එවන ලද  වටිනා ත්‍යාගයන් අතර ත්‍රිඵලා ඇතුළු වටිනා ඖෂධයන්ද තිබීමයි. එයින් හැඟී යන්නේ ආයුර්වේදීය ඖෂධ ගැන යම් අවබෝධයක් මෙරට වාසීන්ට ඒ අවධියේදි පවා තිබුණු බවයි. ඒ ආසන්න අවධියේ සිදුවු මහින්දාගමනයත් සංඝමිත්තා රහතන් වහන්සේගේ ලංකාගමනයත් රටේ විශාල සමාජ සහ සංස්කෘතික පරිවර්ථනයකට හේතුවිය. බොහෝ අංශයන්ගේ සීග්‍ර සංවර්ධනයක් සිදුවිය. එම යුගයේදී නව තාක්ෂණය දැනුම මුහු වූ ශිල්පීය ක්‍රම සහ ඥාණය දේශියයන්ට සම්ප්‍රේෂණය විය. සංඝමිත්තා රහතන් වහන්සේ සමග විවිධ කර්මාන්ත හා ශිල්පයන්ගේ නිරත වූ කුල දහසයකට අයත් ශිල්පීහූ මෙරටට පැමිණි බව මහාවංශයේ සදහන්ය. මේ පිරිස අතර බ්‍රාහ්මණ කුල අටක් සහ වෛශ්‍යය කුල අටක් වූ බව වැඩිදුරටත් සදහන්ය. භාරතය තුල ආයුර්වේදය ඇතුළු විවිධ ඥාන සම්ප්‍රයුක්ත ශිල්ප හදාලේ සහ ඉගැන්වූයේ බ්‍රාහ්මණ කුලයේ අයවලුන් විසිනි. එබැවින් මෙරටට පැමිණි බ්‍රාහ්මණ කුල වල අය අතරද ආයුර්වේදය මැනවින් හදාල වුන් සිටින්නට ඇතිබව විශ්වාස කල  හැක. දේශිය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය සදහා මේ අයගෙන් මනා පිටුවහලක්ද ලැබෙන්නට ඇත. ක්‍රිස්තු පූර්ව 247 දී මිහින්තලය කදු පාමුල රෝහලක් දෙවැනි පෑතිස් රජතුමා විසින් සෑදවූ බව ඉතිහාසයේ සදහන්ය. මෙය ලොව ප්‍රථම ආයුර්වේද ආරෝග්‍ය ශාලාව වශයෙන් ඉතිහාසාඥයෝ විශ්වාස කරති. අදද එම ස්ථානයේ පාෂාණමය බෙහෙත් ඔරුවක් සහ රෝහලේ ගොඩනැගිලි වල නටඹුන් දැක ගත හැකිය. මෙය බොහෝ විට සංඝයාවහන්සේලාගේ ප්‍රයෝජනය සදහා කරවූ රෝහලක් ලෙස හෝ සංඝයා වහන්සේලා විසින් පොදු ජනතාව වෙනුවෙන් පවත්වා ගෙන ගිය රෝහලක් ලෙස සැලකිය හැක. මක් නිසාද එකල එම භූමියේම සංඝයා වහන්සේලා වැඩසිටි බැවිනි.මෙය එකල ආයුර්වේදය ඉතාමත් ඉහල තත්ත්වයක පැවති බවට කදිම නිදසුනකි.
නැවතත් ක්‍රිස්තු පූර්ව 161 සිට 137 දක්වා යුගයේ ‍මෙරට රජකල ශ්‍රේෂ්ඨතම නරපතියෙක් වූ දුටුගැමුණු රාජ්‍ය සමයේදී ආයුර්වේදයද දියුණු තත්ත්වයක පැවති බව සදහන්ය. අනුරාධපුරයේ රජ වීමට පෙර එළාර රජු සමග පැවති සංග්‍රාමයේදී උණු ලෝදියෙන්  දැවුණු රජුගේ මංගල හස්ති රාජයා(කඩොල් ඇතු) තෙල් පුළුන් අලවා වහා සුවපත් කර ගත් බව සදහන්ය. එයින් හැගෙන්නේ ආයුර්වේදයේ පශුවෛද්‍ය අංශයද එකල ඉතාමත් ඉහල තත්ත්වයක පැවති බවයි. යුද්ධය ජයගෙන අනුරාධපුරයේ රජකම හිමිකර ගත් ගැමුණු රජතුමා විසින් ගිලනුන්ට ප්‍රතිකාර කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සැකසු බව ඉතිහාසයේ සදහන්ය. පසු කලෙක ලියැවුනු සද්ධර්මාලංකාරය නම් වු ග්‍රන්ථයේ දුටුගැමුණු රජතුමන්ගේ මාලිගයෙන් රට නගර වැසියාට බෙදා දීම සදහා ඖෂධීය කැද හලක් පවත්වා ගෙන ගිය බව සදහන්ය.
මහා විහාරය වෙනුවට අභයගිරි විහාරය          
එතෙක් කල් පැවතී ථෙරවාදී බුදු දහම වෙනුවට මහායාන දහමද මෙරට සංඝ සමාජය තුලට ඇතුල්වීම වලගම්බා රජ සමයේදී (ක්‍රිස්තු පූර්ව 89 සිට 77) සිදු වන්නේය. ඒ මහා විහාරය වෙනුවට අභයගිරි සම්ප්‍රදාය රජුගේ පූර්ණ අනුග්‍රහය සහිතව රජතුමා විසින්ම කරවු අභයගිරිය විහාරය කේන්ද්‍ර කරගෙන ගොඩ නැගීමත් සමගය. මහා විහාර වාසී භික්ෂුන් මෙන් නොව අභයගිරි විහාර වාසී භික්ෂූන් ත්‍රිපිටක ධර්මයට අමතරව සංස්කෘත භාෂාව, සංස්කෘත සාහිත්‍යය, භාරතීය දර්ශනවාදයන්, ජෝතිෂ්‍යය, ආයුර්වේදය වැනි විෂයයන්ද හදාරන්නට මේ සමගම අවස්ථාව උදා කර ගත්තේය. මෙම කාල සීමාව ආයුර්වේදය මෙරට තුල ශාස්ත්‍රීය මට්ටමෙන් ස්ථාපිත වීම සිදුවු කාලයක් බව පිළිගත හැක. මෙහිම දිගුවක් ලෙස මහසෙන් රජතුමාගේ සමයේදී (ක්‍රිස්තු වර්ෂ 274 සිට 301) ජේතවනාරාමය ආශ්‍රය කරගනිමින් ගොඩනැගුණු සම්ප්‍රදායද දැක්විය හැක. එහිදි සංඝමිත්‍රාදි වූ භික්ෂුන් විසින් සංස්කෘත භාෂාව සමග අත්වැල් බැඳගත් නව මුහුණුවරක් ගත් ආයුර්වේද ග්‍රන්ථාවලියක් මෙරටට හදුන්වා දුන් බව වැඩිදුරටත් සදහන් වේ.
දේශියවෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් වඩාත් වැඩි රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 337 සිට 365 දක්වා අනුරාධපුරයේ රජ කලබුද්ධදාස රජතුමාගේපාලන සමයේදීය. ඉතා විශිෂ්ඨ ශල්‍ය වෛද්‍ය වරයෙකු වූ එතුමා රජකම සහ වෙදකම එකලෙස සාර්ථකව කරගෙන ගියේය.  “රජකම බැරිනම් වෙදකමයන උදෘතය සාහිත්‍යයට එක්වන්නේද මේ රජු හා සම්බන්ධ ඉතිහාසය තුලිනි. වර්තමානයේදීද වෘද්ධත්වයට සමාන ලෙසින් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ප්‍රයෝජනයට ගන්නා ගෞරවාදරයට පත්වු ආයුර්වේද මූල ග්‍රන්ථයක් වන සාරාර්ථ සංග්‍රහයරචනා වන්නේද මෙතුමා අතිනි. ගමක් ගමක් පාසා නිදහස් බෙහෙත් ශාලා පිහිටුවමින් ඒවායේ සේවය සදහා උගත් පළපුරුදු වෛද්‍ය වරුන් යොදවමින් ජනතාවගේ සෞඛ්‍යය නැන්වීමට මෙතුමා කටයුතු කල බව මහාවංශයේ සදහන් වේ. ඒ සදහා අවශ්‍ය වෛද්‍යවරුන් සැපයීමේදී වෛද්‍යවරුන් පුහුණු කිරීමට විධිමත් ක්‍රමවේදයක් එකල්හි තිබෙන්නට ඇතිය යන්නද අපට එයින් සිතාගැනීමට සිදුවේ. බුද්ධදාස රජතුමාගේ වෛද්‍ය ඥාණය ගැන මහාවංශයේ යම් වර්ණනාවක්ද කර ඇත්තේ උදාහරණද දක්වමිනි. දරුණු කුෂ්ඨ රෝගියෙකු සුවපත් කිරීම, මූඪ ගර්භණි මාතාවක් සුවපත් කිරීම, වාතාබාධයකින් පෙලුණු භික්ෂුවක් සුවපත් කිරීම වැනි සිදුවීම් දක්වා ඇති අතර රෝගීව මරණාසන්නව සිටි නාගයෙකුගේ උදරයේ තිබූ ගෙඩියක් ශල්‍යකර්මයකින් සුවපත් කිරීමේ සිදුවීම එතුමා සම්බන්ධයෙන් ඇති ප්‍රචලිතම සිදුවීමයි. මෙවැනි තොරතුරු වලින් ගම්‍ය වන්නේ එම යුගයේදි ආයුර්වේදය සමාජය තුල යම් වගකිවයුතු තත්ත්වයක් අත්කරගෙන තිබූ බවයි.
 මීට අමතරව සිංහල රාජාවලියේ එන නරපතියන් අතරින් ආයුර්වේදය වේවා දේශිය වෛද්‍ය ක්‍රමය හෝ වේවා කිනම් හෝ වෛද්‍ය ක්‍රමයක් ගැන අනුග්‍රහය දැක්වූ, අවධානය යොමු කල රජවරුන් සීමිත පිරිසක් ගැන තොරතුරු හමුවේ. පළවන උපතිස්ස (ක්‍රි.ව 365-406), මිහිඳු (ක්‍රි.ව491-508), දෙවන උපතිස්ස (ක්‍රි.ව517-518), පළවන අග්බෝ(ක්‍රි.ව571-604), දෙවන දප්පුල(ක්‍රි.ව 664-673), පළවන උදය(ක්‍රි.ව 797-801), පළවන සේන(ක්‍රි.ව833-853), දෙවන සේන, හතරවන කාශ්‍යප(ක්‍රි.ව 898-914), පස්වන කාශ්‍යප, හතරවන මහින්ද යන රජවරුන් ගැන දැක්වෙන තොරතුරු අතර ඔවුන් විසින් ගොඩනැග්වු රෝහල්, බෙහෙත් ශාලා, හා අනෙකුත් සෟඛ්‍යය අංශයේ කටයුතු ගැන විස්තර ඇතුලත් වේ. මේ සම්බන්ධයෙන් විවිධ සෙල් ලිපි වලද තොරතුරු ඇතුලත්ය. මිහින්තලේ සෙල් ලිපිය, අභයගිරි සෙල් ලිපිය, වෙස්සගිරි 2පදර සෙල් ලිපිය, කුකුරුමහන්දම්  ටැම් ලිපි සහ කිරිබත් වෙහෙර සෙල් ලිපි යන ඒවායේ මේ විස්තර ඇතුලත්ය.
දකුණු ඉන්දියානු චෝල ආක්‍රමණ හේතුවෙන් පස්වන මිහිදු රජුගේ රාජ්‍ය සමයෙන් පසුව අනුරාධපුර රාජධානිය බිද වැටෙන අතර නැවතත් ශක්තිමත් රාජධානියක් ගොඩ නැගෙන්නේ පළමුවන විජයබාහු රජු(ක්‍රි.ව1055-1110) යටතේ පොළොන්නරුවේදීය. පොලොන්නරු යුගයේ සහ ඉන් පසුව පෘතුගීසීන්ගේ පැමිණිම දක්වා යුගය තුල දේශිය වෛද්‍ය ක්‍රමයේ හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නැගීම් සහ වැටීම් මීලග ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ.

Dr R.P.R Sampath Bandusena
B.A.M.S(Kelaniya)

ශී‍්‍ර ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ වර්තමාන තත්වය

ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඉතිහාසය දෙස බැලීමේදී මුලින්ම පෙනී යන කරුණක් නම් ආයුර්වේදය යනු ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලද වෛද්‍ය ක‍්‍රමයක් බවයි. පැරණි භාරතයේ ප‍්‍රධාන වේද සතරින් අථර්වන් වේදයේ උප වේදයක් ලෙස ආයුර්වේදය එහි සඳහන් වේ. ශ‍්‍රී ලංකාවටම ආවේණික වු දේශීය වෛද්‍ය ක‍්‍රමයක්ද මේ වන විට පැවති අතර පසු කාලීනව මෙම වෛද්‍ය ක‍්‍රම දෙකම එකතු වී අද දක්නට ඇති ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය සකස් වී ඇත. අරිෂ්ටල ආසවල ලේහල ඝෘත වැනි දේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධීය රටාව වන අතර අනුපානල පත්තුල තැම්බුම්ල මැල්ලූම් ආදිය දේශිය ක‍්‍රමයේ ඖෂධීය රටාවට අයත් වේ. මෙම ක‍්‍රම දෙකටම ප‍්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍යවරු සහ එක් ක‍්‍රමයකට පමණක් ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුද ලංකාවේ සිටිති. වර්ෂ 1929 දී එවකට ආණ්ඩුකාරවරයාව සිටි හර්බට් ස්ටැන්ලි විසින් කොළඹ කෝට්ටේ පාරේ පිහිටි ද බවර්නමැති ගොඩනැගිල්ලෙහි ලංකාණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය (අද කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයල රාජගිරිය* ආරම්භ කරන ලද අතර එහි අරමුණ වුයේ මෙම සියලූ වෛද්‍ය ක‍්‍රම සංවිධානාත්මක ලෙස එක් රැුස් කොට වඩාත් ගුණාත්මක සේවයක් රෝගීන්ට ලබා දිය හැකි වෛද්‍යවරුන් බිහි කිරීමයි.
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ නියැළුණු බොහෝ පාරම්පරික වෛද්‍යවරු ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසු එම ක‍්‍රමය ඉදිරියට ගෙන යාමට ඔවුන්ගේ දරුවන් යොමු නොකළ අතර දරුවෝද එම වෛද්‍ය ක‍්‍රමයෙහි යෙදීමට අකමැති වුහ. ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය වටාපිටාව අනුව එවැනි තත්වයක් නිර්මාණය වු අතර වර්තමානයේ එවැනි ප‍්‍රවණතාවයක් දැකිය හැකිය. මේ වන විට එම අඩුපාඩුව මගහරවාගෙන ඇත්තේ විශ්විද්‍යාල හරහා එම දැනීම ඊළඟ පරපුරට ලබා දීමට පියවර ගෙන ඇති බැවිිනි.
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ වර්තමාන සංවර්ධනය සඳහා ඍජුවම දායකත්වය සැපයුවන් අතර වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාල ප‍්‍රමුඛ ස්ථානය ගනී. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයල කැලණිය විශ්වවිද්‍යාලයේ යක්කල වික‍්‍රමාරච්චි ආයතනය සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය ආයතනය මෙම වෛද්‍ය ක‍්‍රම සම්බන්ධයෙන් ප‍්‍රථම සහ පශ්චාත් උපාධි පාඨමාලාද ඩිප්ලෝමා සහ කෙටි කාලීන පාඨමාලාද පවත්වාගෙන යති. මෙම ආයතන අතරින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය මේ වන විට චීනයේ හෙබෙයි විශ්වවිද්‍යාලයල චීනයේ නැන්ජින්වල පිහිටි ක්‍යසබ් ඡුය්රප්ජැමඑසජ්ක ඹබසඩැරිසඑහ ,තායිලන්තයේ සුරේන්ද්‍ර රාජ්බාට් විශ්වවිද්‍යාලයල ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයල ජාම්නගරහි ගුජරාට්ල ජායිපුර් සහ අලිගාර් යන ආයුර්වේද විශ්වවිද්‍යාල සමග දැනීම් හුවමාරු වැඩ සටහන් පවත්වා ගෙන යයි.
අප කවුරුත් දන්නා පරිදි බටහිර වෛද්‍ය විද්‍යාව තවමත් අපේක්‍ෂිත විද්‍යාත්මක දියුණුව ලබා ගැනීමට අපොහොසත්ව සිටී. සැබවින්ම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ හැකි රෝග සංඛ්‍යාව පනහකටත් අඩු වන අතර අනෙක් රෝගයන් පාලනය කිරීමටත් රෝග ලක්ෂණානුකූලව ප‍්‍රතිකාර ලබා දීමටත් සහ රෝග වළක්වා ගැනීමටත් එම වෛද්‍ය ක‍්‍රමය නිරතුරු උත්සාහ කරයි. බෝ නොවන රෝග යනුවෙන් වර්ගීකරණය කර ඇති දියවැඩියාව, අධි රුධිර පීඩනය, තරබාරුව වැනි රෝග බරපතළ සෞඛ්‍ය ගැටළු බවට පත්වී තිබේ. මේ හේතූන් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් සෞඛ්‍ය සංවිධාන වර්ෂ ගණනාවක සිට දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ඒ පිළිබඳව පර්යේෂණ කරන ලෙසත් ඒ ඒ රාජ්‍යයන්හට උපදෙස් දෙනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය මුල්‍යමය හා තාක්ෂණික ආධාර සපයන අතර එවැනි පර්යේෂකයන්ට අවශ්‍ය අනෙකුත් දිරිගැන්වීම්ද සිදු කරනු ලැබේ. මේ ආකාරයටම සම්ප‍්‍රදායික අනෙකුත් වෛද්‍ය ක‍්‍රමවලටද එනම් හෝම්යෝපතිල යුනානිල සිද්ධ වැනි වෙනත් වෛද්‍ය ක‍්‍රම සඳහාද අනුග‍්‍රහය සැපයේ.
ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ජාත්‍යන්තර ප‍්‍රජාව අතරට ගෙන යාමේ ගෞරවයෙන් වැඩි කොටසක් හිමි වන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහ දේශීය පෞද්ගලික ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයින්ටය. එයින් සංචාරක ව්‍යාපාරය ගත් කළ එහි රජයේ නෛතික පාලනයක් පැවතුනද මුදල් ආයෝජනයේ සිට සියලූම කළමනාකරණ කටයුතු සිදු කෙරෙනුයේ ව්‍යාපාරික ප‍්‍රජාව මගිනි. මෙම පෞද්ගලික අංශය ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර වැඩිදියුණු කිරීමේදී විශේෂයෙන් අවධානය යොමු කළ අංශයක් වුයේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයයි. ඒ වන විට සංචාරකයන් ජ්‍යොතිෂල බලි තොවිිල් සහ ශාන්ති කර්ම ආදි අංශ වෙත යොමු කර තිබුණද ශරීර සෞඛ්‍ය පිළිබඳව වන වැඩ සටහන්වලට ඔවුන් යොමු කර තිබුණේ නැත. මුල් කාලවලදී බාහිරින් තෙල් ගැල්වීම්, සෞඛ්‍යමය ආහාරපාන ලබාදීම, ආයුර්වේදීය ජීවන රටා හඳුන්වාදීම ආදී වශයෙන් කුඩා පරිමාණයෙන් හඳුන්වා දෙන ලද වැඩ සටහන් සංචාරකයන් අතර වේගයෙන් ජනප‍්‍රිය විය. ඔවුන් අතරින් ජර්මනිය ඇතුළු යුරෝපීය ජාතිකයන් ප‍්‍රමුඛත්වය ගෙන තිබුණි.
සෑම ව්‍යාපාරයකම මුලික අපේක්‍ෂාව ලාබ ලැබීමයි. ලාබ නොලබන ව්‍යාපාරයක් ලෙස හඳුන්වන ව්‍යාපාරයක් වුවද එය පවත්වාගෙන යනු ලබන්නේ මුදල් නොවන එහෙත් වෙනත් ලාබ ප‍්‍රයෝජනයක් අරමුණු කරගෙන විය හැකිය. සංචාරක ව්‍යාපාරයට ආයුර්වේදය ඇතුලත් කිරීමේදී මුදල් ඉපයීම පරමාර්ථ කරගත් සමහර ව්‍යාපාරිකයෝ අයථා සම්බාහන ක‍්‍රමල මත් ද්‍රව්‍ය අඩංගු ඖෂධ, වෘත්තීය විරෝධී ලෙස සංචාරකයින්ට ලබාදීම වැනි ක‍්‍රියාවන් වලද යෙදුනහ. ඇත්ත වශයෙන්ම එයින් සිදු වූයේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය දියුණු වීමක් නොව එය අවතක්සේරුවට පත් වී පරිහානියට යොමු වීමයි. බොහෝ අවස්ථාවලදී තරුණ උපාධිධාරී වෛද්‍යවරියන් ඉතා ඉහළ වැටුපක් පිරිනමා තිබියදී පවා සමහර සංචාරක ආයතනවල වෛද්‍ය වෘත්තියේ යෙදීම ප‍්‍රතික්ෂේප කල අවස්ථා කිහිපයක් මම දනිමි.
දේශීය ඖෂධ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සඳහා දේශීය විද්වතුන් පෙළඹී සිටීම මෙම ක්‍ෂේත‍්‍රයේ තවත් ප‍්‍රගතියකි. මේ සඳහා රජයේ ආයුර්වේද අංශයෙන් ක‍්‍රියාත්මක වන නාවිින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයට අමතරව වෙනත් රජයේ ආයතනද සම්බන්ධ වී තිබීම දැකිය හැකිය. ඒවායින් කාර්මිකල තාක්ෂණල උද්භිද විද්‍යාල කෘෂිකර්ම සහ වෛද්‍ය විද්‍යා වැනි අංශවලට අයත් ආයතන මේ වන විටත් ආයුර්වේද විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙමින් විවිධ පර්යේෂණවල නියැලී සිටිතිි. කෙසේ වුවද බොහෝ පර්යේෂණවල ප‍්‍රගතිය පිළිබඳව සලකා බැලීමේදී එය එතරම් සතුටුදායක මට්ටමකට තවම පැමිණ නැති බවද සඳහන් කළ යුතුය. විද්‍යාත්මක ක‍්‍රමවේදය අනුව වෛද්‍ය පර්යේෂණ සිදු කිරීම සංකීර්ණ වුද මානව සහ ආර්ථික සම්පත් බහුල වශයෙන් අවශ්‍ය වන්නාවූද කටයුත්තකි. මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳ ඉතා මෑතක් වන තෙක්ම නිසි අවධානය යොමු නොවීමෙන් බොහෝ ආයුර්වේද පර්යේෂණ කිරීමට පෙර යටිතල පහසුකම් සකස් කර ගරනීමට සිදුව තිබීමද සැලකිය යුතු කරුණකි. එසේ වුවද අමෙරිකාවේ මිසිසිපි විශ්වවිද්‍යාලයට අනුබද්ධ භ්එසදබ්ක ක්‍ැබඑරු දෙර භ්එමර්ක ඡුරදාමජඑි ඍැිැ්රජය ආයතනය මගින්ද, චීනයේ නැන්ජින්වල පිහිටි ක්‍යසබ් ඡුය්රප්ජැමඑසජ්ක ඹබසඩැරිසඑහ මගින්ද, චීනයේ හෙබෙයි නගරයේ පිහිටි ්‍යැඉැස ඹබසඑැා ඹබසඩැරිසඑහ මගින්ද, දකුණු කොරියාවේ සියෝල් විශ්වවිද්‍යාලයද, ජපානයේ ඔසාකා විශ්වවිද්‍යාලයද, මේ වන විිට දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳව පර්යේෂණ කිරීමට අවශ්‍ය ශ‍්‍රී ලාංකික ආචාර්ය උපාධිධාරීන් බිහි කර සහ පුහුණු කර ඇති අතර ඔවුන් වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශී්‍ය වෛද්‍ය විද්‍යායතනයේ කථිකාචාර්යවරුන් ලෙස සේවය කරති.
ඖෂධ නිෂ්පාදන ක‍්‍රියාවලිය දෙස බැලීමේදී පෙනී යන කරුණක් නම් නාගරික ජනතාවට සහ විශේෂයෙන්ම කාර්ය බහුල ජීවිත ගතකරන තැනැත්තන්ට ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අයත් ඖෂධ භාවිතා කිරීමේදී යම් යම් ප‍්‍රායෝගික දුෂ්කරතා පවතින බවයි. උදාහරණ ලෙස රැුකියා ස්ථානයේදී ඖෂධ භාවිිතය දුෂ්කරවීමල වෛද්‍ය උපදෙස් අනුව ආහාර සකස් කර ගැනීමට ඇති අපහසුවල කෙටි කාලයකින් ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය නිර්දේශිත ආකාරයට සකස් කර ගැනීමට ඇති අපහසුව දැක්විය හැකිය. මේ වන විට ලංකාවේ ජනතාව අතිශයින් කාර්ය බහුල ජීවන රටාවකට හුරු වී ඇති අතර මීට දශක දෙක තුනකට පෙරදී මෙන් ගම්වල තැනින් තැන ඇවිදින හෝ කඩපිල්වල කාලය නාස්ති කරමින් සිටින පුද්ගලයන් අද දැක ගත හැකි නොවේ. අවම වශයෙන් ඉහල කුලී මිලක් ගෙවා හෝ ශ‍්‍රමිකයෙක් ලබා ගැනීමද අද දුෂ්කර වී තිබේ. මෙවැනි කාර්ය බහුල සමාජ විපර්යාසයකට ලක් වී ඇති අවස්ථාවකදී ඊට ගැළපෙන ලෙස භාවිත කිරීමට ආයුර්වේද ඖෂධද සකස් විය යුතුය. මෙම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා ඊට මුලින්ම අවධානය යොමු කරන ලද්දේ පෞද්ගලික ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයෝය. රාජ්‍ය අංශයෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සිදු කෙරුනේ ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් වන අතර ඒ ඒ ආයුර්වේද රෝහල්වලට අවශ්‍ය ඖෂධ එම රෝහල්වලම නිපදවා ගැනීමේ ක‍්‍රමවේදයක් පැවතුනි. එහෙත් අන්තර්ජාල දැනීම් හුවමාරුවත්, කාර්මික තාක්‍ෂණ දියුණුවත් සමග ජාත්‍යන්තරව තරඟ කළ හැකි ගුණාත්මක ඖෂධ නිෂ්පාදනයක් සිදුකිරීමට ඒවා අපොහොසත් වී තිබුණි.
පෞද්ගලික ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයන් විසින් ගෘහස්ථ මට්ටමෙන් භාවිතා කළ හැකි ආයුර්වේද ඖෂධ කීපයක් මුලින් වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලද අතර ජනතාව අතර ඒවා වේගයෙන් ජනප‍්‍රිය විය. මෙහිදී සිදු කළ වෙළෙඳ ප‍්‍රචාරයන් හරහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය පිළිබඳව සමහර ජන කොටස් අතර තිබු මන්දෝත්සාහී ආකල්පයන් බිඳ වැටුණු අතර ඉහළ ප‍්‍රමිතියෙන් යුතු ඖෂධ වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට ව්‍යාපාරිකයෝද උනන්දු වුහ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස නවීන යන්ත‍්‍ර සුත‍්‍ර යොදා ගනිමින් උසස් තත්වයේ නිමි ආයුර්වේද ඖෂධ විදේශ වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමටද ඔවුන් සමග තරඟ කිරීමටද බොහෝ දේශීය ව්‍යාපාරිකයින්ට හැකි විය. අද වන විට ලෝකයේ රටවල් රාශියකට දේශීය ආයුර්වේද ඖෂධ යවන අතර සමහර ඖෂධ ඇමරිකාව සහ යුරෝපීය රටවල් කිහිපයක තත්ත්ව සහතිකද ලබා ඇත. කෙසේ වුවද ජාත්‍යන්තරව තරග කළ හැකි මට්ටමට ඖෂධ නිෂ්පාදන ඉලක්ක කරා ළඟාවීමට සියලූම විද්වතුන්ගේ සහාය තවදුරටත් අවශ්‍යව තිබේ.
විදේශීය රෝගීන් ලංකාවට ගෙන්වා ගැනීමට ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය මේ වන විට සමත් වී තිබීම එහි තවත් අලූත් ප‍්‍රවණතාවයකි. මේ වන විට විදේශීකයන් සැලකිය යුතු පිරිසක් දේශීය හා ආයුර්වේද ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකාවට පැමිණෙමින් සිටිති. ඔවුන් අතරින් ජර්මනිය ඉතාලිය ඇතුලු යුරෝපීයයන්ද ජපාන හා කොරියානුවන් ඇතුළු ආසියාතිකයන්ද බහුලය. සමහර විදේශිකයෝ ශ‍්‍රී ලංකාවෙන් ඉඩම් හා නිවාස මිලදී ගෙන ඒවායේ ආයුර්වේද මධ්‍යස්ථාන පවා පවත්වාගෙන යති. ඒවායෙහි ශ‍්‍රී ලාංකික ආයුර්වේද උපාධිධාරී හා පාරම්පරික ආයුර්වේදවරුද සේවය කරති. පොදුවේ ගත් කළ රෝගී සත්කාර සේවා ලබා ගන්නා විදේශිකයන් ලෙස, ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර ගන්නන්ද ශරීර සුවතාවය පවත්වාගෙන යාමට ප‍්‍රතිකාර ලබා ගන්නන්ද, රූපලාවණ්‍ය වැඩි දියුණු කිරීමට ප‍්‍රතිකාර ගන්නා අයද, මානසික සහනය ලබා ගැනීම සහ ආතතිය වැනි තත්වයන් පාලනය කර ගැනීම සඳහා ප‍්‍රතිකාර ගන්නා අයද වේ. ආයුර්වේදීය යෝග ක‍්‍රම සහ බුදු දහමේ ඉගැන්වෙන සමහර භාවනා ක‍්‍රමද සම්මිශ‍්‍රණය වු වැඩ සටහන් සඳහා විදේශිකයන්ගේ ඉහල ඉල්ලූමක් ඇත.
අවසාන වශයෙන් කිව යුතු වන්නේ පසුගිය සියවසක කාලයක පටන් ශ‍්‍රී ලංකාව ගොදුරු වී සිටි විදේශීය පාලනය, ඇතැම් දේශීය පාලකයන්ගේ බටහිර ගැති ආකල්ප, දුප්පත්කම, ත‍්‍රස්තවාදය වැනි බරපතළ අභියෝග හමුවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමය නගා සිටුටීමට නොව රැුක ගැනීමට තරම් වත් අවස්ථාවක් නොලැබුණු බවයි. එහෙත් මෙම ක්‍ෂේත‍්‍රයේ නියුතු වෛද්‍යවරුත්, දේශීයත්වය අගය කරන්නා වු ජනතාවත්, සමහර පාලකයනුත් විසින් මෙම වෛද්‍ය ක‍්‍රමය සංවර්ධනය කිරීමට ගන්නා ලද ක‍්‍රියා මාර්ග හා කැපවීමේ ප‍්‍රතිඵල මේ වන විට යම් සතුටුදායක මට්ටමක පවතින බව නොරහසකි. එසේ වුවද විද්‍යාත්මක ක‍්‍රම වේදයන් අනුගමනය කරමින් මෙම වෛද්‍ය ක‍්‍රමය ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් කොට ව්‍යාප්ත කිරීමට දේශීය සහ විදේශීය සියලූම ශී‍්‍ර ලාංකික විද්වතුන්ගේ දායකත්වය එම වෛද්‍ය ක‍්‍රමයට ලැබිය යුතුම වේ.


කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ
හිටපු අධ්‍යක්ෂ
ආර්. ඒ. ජයසිංහ

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර පැවති වෛද්‍ය ක්‍රමය වූයේ පාරම්පරිකව පැවත ආ "දේශීය චිකිත්සාව" හෙවත් සිංහල වෙදකමයි. ශ්‍රී ලංකාව වෙත බුදු දහම සම්ප්‍රාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේදයද දායාද විය. ආයුර්වේදය ශ්‍රී ලංකාවට ලැබුනේ අවුරුදු තුන්දහසකටත් අධික කාලයක් තිස්සේ එය වැඩී වර්ධනය වූ ඉන්දියාව වෙතිනි.කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය උතුරු ඉන්දීය ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය, දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය, අරාබි යුනානි වෛද්‍ය සම්ප්‍රදාය, සහ ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය චිකිත්සා ක්‍රමය යන සියල්ලෙහි සංකලනයක් ලෙසින් පවතින්නකි. එසේ වුවද ශ්‍රී ලංකාව ස්වකීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආවේනික සම්ප්‍රදායක් තුළ පවත්වා ගෙන යන අනන්‍ය වෛද්‍ය විද්‍යාවක් ලෙස පිළිගෙන තිබේ.

Thursday, February 12, 2015

ජනාධිපති පුටුවේ ඉඳගත් අයගේ අධ්‍යාපන පසුබිම

1978 වසරේ සිට මෙරට විධායක ජනාධිපති පුටුවේ වාඩිවූ පුද්ගලයින් ගණන 06කි. මෙම ජනාධිපතිවරුන්ගේ සහ වරියගේ අධ්‍යාපන පසුබිම මෙසේය.

ජේ.ආර් ජයවර්ධන (1978 පෙබරවාරි 04 - 1989 ජනවාරි 02)
JR
ජේ.ආර් ජයවර්ධන මහතා මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ බිෂොප් විද්‍යාලයෙනි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබන ජයවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ සහ නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීය.

ආර් ප්‍රේමදාස (1989 ජනවාරි 02 - 1993 මැයි 01)
RP
කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඩී.බී විජේතුංග (1993 මැයි 02 - 1994 නොවැම්බර් 12)
DB
ගම්පොල ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේ ආදි සුසුවෙකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (1994 නොවැම්බර් 12 - 2005 නොවැම්බර් 19)
CBK
කොළඹ ශාන්ත බ්‍රිජඩ් කන්‍යාරාමයේ ආදි සිසුවියකි. පැරිස් විශ්ව විද්‍යාලයේ (සෝබෝන් සරසවිය) දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිණියකි.

මහින්ද රාජපක්ෂ (2005 නොවැම්බර් 19 - 2015 ජනවාරි 09)
MR
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඇත. ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය.

මෛත්‍රීපාල සිරිසේන (2015 ජනවාරි 09 සිට)
MS
පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. කුණ්ඩසාලයේ කෘෂිකර්ම විද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳව ඩිප්ලෝමාවක් ලබා ඇති සිරිසේන මහතා රුසියාවේ මැක්සිම් ගෝර්කි ආයතනයේ දේශපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.
- See more at: http://offair.nethfm.com/article/12838#sthash.O7Z6LUqy.dpuf