ලංකාවේ
ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඉතිහාසය දෙස බැලීමේදී මුලින්ම පෙනී යන කරුණක්
නම් ආයුර්වේදය යනු ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලද වෛද්‍ය ක‍්‍රමයක් බවයි. පැරණි
භාරතයේ ප‍්‍රධාන වේද සතරින් අථර්වන් වේදයේ උප වේදයක් ලෙස ආයුර්වේදය එහි සඳහන් වේ.
ශ‍්‍රී ලංකාවටම ආවේණික වු දේශීය වෛද්‍ය ක‍්‍රමයක්ද මේ වන විට පැවති අතර පසු කාලීනව
මෙම වෛද්‍ය ක‍්‍රම දෙකම එකතු වී අද දක්නට ඇති ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය සකස් වී ඇත.
අරිෂ්ටල ආසවල ලේහල ඝෘත වැනි දේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධීය රටාව වන අතර
අනුපානල පත්තුල තැම්බුම්ල මැල්ලූම් ආදිය දේශිය ක‍්‍රමයේ ඖෂධීය රටාවට අයත් වේ. මෙම
ක‍්‍රම දෙකටම ප‍්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍යවරු සහ එක් ක‍්‍රමයකට පමණක් ප‍්‍රතිකාර
කරන වෛද්‍යවරුද ලංකාවේ සිටිති. වර්ෂ 1929 දී එවකට ආණ්ඩුකාරවරයාව
සිටි හර්බට් ස්ටැන්ලි විසින් කොළඹ කෝට්ටේ පාරේ පිහිටි ”ද
බවර්” නමැති ගොඩනැගිල්ලෙහි ලංකාණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය
(අද කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයල රාජගිරිය* ආරම්භ කරන ලද අතර
එහි අරමුණ වුයේ මෙම සියලූ වෛද්‍ය ක‍්‍රම සංවිධානාත්මක ලෙස එක් රැුස් කොට වඩාත්
ගුණාත්මක සේවයක් රෝගීන්ට ලබා දිය හැකි වෛද්‍යවරුන් බිහි කිරීමයි.
ආයුර්වේද
වෛද්‍ය ක‍්‍රමයේ නියැළුණු බොහෝ පාරම්පරික වෛද්‍යවරු ඔවුන්ගේ ජීවිත කාලයෙන් පසු එම
ක‍්‍රමය ඉදිරියට ගෙන යාමට ඔවුන්ගේ දරුවන් යොමු නොකළ අතර දරුවෝද එම වෛද්‍ය ක‍්‍රමයෙහි
යෙදීමට අකමැති වුහ. ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය වටාපිටාව අනුව එවැනි තත්වයක්
නිර්මාණය වු අතර වර්තමානයේ එවැනි ප‍්‍රවණතාවයක් දැකිය හැකිය. මේ වන විට එම
අඩුපාඩුව මගහරවාගෙන ඇත්තේ විශ්විද්‍යාල හරහා එම දැනීම ඊළඟ පරපුරට ලබා දීමට පියවර
ගෙන ඇති බැවිිනි.
ආයුර්වේද
වෛද්‍ය ක‍්‍රමයේ වර්තමාන සංවර්ධනය සඳහා ඍජුවම දායකත්වය සැපයුවන් අතර වෛද්‍ය අධ්‍යාපනය
ලබා දෙන විශ්වවිද්‍යාල ප‍්‍රමුඛ ස්ථානය ගනී. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය
විද්‍යායතනයල කැලණිය විශ්වවිද්‍යාලයේ යක්කල වික‍්‍රමාරච්චි ආයතනය සහ යාපනය
විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය ආයතනය මෙම වෛද්‍ය ක‍්‍රම සම්බන්ධයෙන් ප‍්‍රථම සහ
පශ්චාත් උපාධි පාඨමාලාද ඩිප්ලෝමා සහ කෙටි කාලීන පාඨමාලාද පවත්වාගෙන යති. මෙම ආයතන
අතරින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය මේ වන විට චීනයේ හෙබෙයි
විශ්වවිද්‍යාලයල චීනයේ නැන්ජින්වල පිහිටි ක්‍යසබ් ඡුය්රප්ජැමඑසජ්ක ඹබසඩැරිසඑහ ,තායිලන්තයේ
සුරේන්ද්‍ර රාජ්බාට් විශ්වවිද්‍යාලයල ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයල
ජාම්නගරහි ගුජරාට්ල ජායිපුර් සහ අලිගාර් යන ආයුර්වේද විශ්වවිද්‍යාල සමග දැනීම්
හුවමාරු වැඩ සටහන් පවත්වා ගෙන යයි.
අප
කවුරුත් දන්නා පරිදි බටහිර වෛද්‍ය විද්‍යාව තවමත් අපේක්‍ෂිත විද්‍යාත්මක දියුණුව
ලබා ගැනීමට අපොහොසත්ව සිටී. සැබවින්ම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ හැකි රෝග
සංඛ්‍යාව පනහකටත් අඩු වන අතර අනෙක් රෝගයන් පාලනය කිරීමටත් රෝග ලක්ෂණානුකූලව ප‍්‍රතිකාර
ලබා දීමටත් සහ රෝග වළක්වා ගැනීමටත් එම වෛද්‍ය ක‍්‍රමය නිරතුරු උත්සාහ කරයි. බෝ
නොවන රෝග යනුවෙන් වර්ගීකරණය කර ඇති දියවැඩියාව, අධි රුධිර පීඩනය, තරබාරුව
වැනි රෝග බරපතළ සෞඛ්‍ය ගැටළු බවට පත්වී තිබේ. මේ හේතූන් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය
ඇතුළු ජගත් සෞඛ්‍ය සංවිධාන වර්ෂ ගණනාවක සිට දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳව අවධානය
යොමු කරන ලෙසත් ඒ පිළිබඳව පර්යේෂණ කරන ලෙසත් ඒ ඒ රාජ්‍යයන්හට උපදෙස් දෙනු ලැබේ. ඒ
සඳහා අවශ්‍ය මුල්‍යමය හා තාක්ෂණික ආධාර සපයන අතර එවැනි පර්යේෂකයන්ට අවශ්‍ය අනෙකුත්
දිරිගැන්වීම්ද සිදු කරනු ලැබේ. මේ ආකාරයටම සම්ප‍්‍රදායික අනෙකුත් වෛද්‍ය ක‍්‍රමවලටද
එනම් හෝම්යෝපතිල යුනානිල සිද්ධ වැනි වෙනත් වෛද්‍ය ක‍්‍රම සඳහාද අනුග‍්‍රහය සැපයේ.
ආයුර්වේද
වෛද්‍ය ක‍්‍රමය ජාත්‍යන්තර ප‍්‍රජාව අතරට ගෙන යාමේ ගෞරවයෙන් වැඩි කොටසක් හිමි
වන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහ දේශීය පෞද්ගලික ආයුර්වේද ඖෂධ
නිෂ්පාදකයින්ටය. එයින් සංචාරක ව්‍යාපාරය ගත් කළ එහි රජයේ නෛතික පාලනයක් පැවතුනද
මුදල් ආයෝජනයේ සිට සියලූම කළමනාකරණ කටයුතු සිදු කෙරෙනුයේ ව්‍යාපාරික ප‍්‍රජාව
මගිනි. මෙම පෞද්ගලික අංශය ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපාර වැඩිදියුණු කිරීමේදී විශේෂයෙන්
අවධානය යොමු කළ අංශයක් වුයේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයයි. ඒ වන විට සංචාරකයන් ජ්‍යොතිෂල
බලි තොවිිල් සහ ශාන්ති කර්ම ආදි අංශ වෙත යොමු කර තිබුණද ශරීර සෞඛ්‍ය පිළිබඳව වන
වැඩ සටහන්වලට ඔවුන් යොමු කර තිබුණේ නැත. මුල් කාලවලදී බාහිරින් තෙල් ගැල්වීම්, සෞඛ්‍යමය
ආහාරපාන ලබාදීම, ආයුර්වේදීය ජීවන රටා හඳුන්වාදීම ආදී වශයෙන් කුඩා
පරිමාණයෙන් හඳුන්වා දෙන ලද වැඩ සටහන් සංචාරකයන් අතර වේගයෙන් ජනප‍්‍රිය විය. ඔවුන්
අතරින් ජර්මනිය ඇතුළු යුරෝපීය ජාතිකයන් ප‍්‍රමුඛත්වය ගෙන තිබුණි.
සෑම
ව්‍යාපාරයකම මුලික අපේක්‍ෂාව ලාබ ලැබීමයි. ලාබ නොලබන ව්‍යාපාරයක් ලෙස හඳුන්වන ව්‍යාපාරයක්
වුවද එය පවත්වාගෙන යනු ලබන්නේ මුදල් නොවන එහෙත් වෙනත් ලාබ ප‍්‍රයෝජනයක් අරමුණු
කරගෙන විය හැකිය. සංචාරක ව්‍යාපාරයට ආයුර්වේදය ඇතුලත් කිරීමේදී මුදල් ඉපයීම
පරමාර්ථ කරගත් සමහර ව්‍යාපාරිකයෝ අයථා සම්බාහන ක‍්‍රමල මත් ද්‍රව්‍ය අඩංගු ඖෂධ, වෘත්තීය
විරෝධී ලෙස සංචාරකයින්ට ලබාදීම වැනි ක‍්‍රියාවන් වලද යෙදුනහ. ඇත්ත වශයෙන්ම එයින්
සිදු වූයේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය දියුණු වීමක් නොව එය අවතක්සේරුවට පත් වී
පරිහානියට යොමු වීමයි. බොහෝ අවස්ථාවලදී තරුණ උපාධිධාරී වෛද්‍යවරියන් ඉතා ඉහළ
වැටුපක් පිරිනමා තිබියදී පවා සමහර සංචාරක ආයතනවල වෛද්‍ය වෘත්තියේ යෙදීම ප‍්‍රතික්ෂේප
කල අවස්ථා කිහිපයක් මම දනිමි.
දේශීය
ඖෂධ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සඳහා දේශීය විද්වතුන් පෙළඹී සිටීම මෙම ක්‍ෂේත‍්‍රයේ
තවත් ප‍්‍රගතියකි. මේ සඳහා රජයේ ආයුර්වේද අංශයෙන් ක‍්‍රියාත්මක වන නාවිින්න
ආයුර්වේද පර්යේෂණ ආයතනයට අමතරව වෙනත් රජයේ ආයතනද සම්බන්ධ වී තිබීම දැකිය හැකිය.
ඒවායින් කාර්මිකල තාක්ෂණල උද්භිද විද්‍යාල කෘෂිකර්ම සහ වෛද්‍ය විද්‍යා වැනි අංශවලට
අයත් ආයතන මේ වන විටත් ආයුර්වේද විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙමින් විවිධ පර්යේෂණවල
නියැලී සිටිතිි. කෙසේ වුවද බොහෝ පර්යේෂණවල ප‍්‍රගතිය පිළිබඳව සලකා බැලීමේදී එය
එතරම් සතුටුදායක මට්ටමකට තවම පැමිණ නැති බවද සඳහන් කළ යුතුය. විද්‍යාත්මක ක‍්‍රමවේදය
අනුව වෛද්‍ය පර්යේෂණ සිදු කිරීම සංකීර්ණ වුද මානව සහ ආර්ථික සම්පත් බහුල වශයෙන්
අවශ්‍ය වන්නාවූද කටයුත්තකි. මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳ ඉතා මෑතක් වන තෙක්ම නිසි
අවධානය යොමු නොවීමෙන් බොහෝ ආයුර්වේද පර්යේෂණ කිරීමට පෙර යටිතල පහසුකම් සකස් කර
ගරනීමට සිදුව තිබීමද සැලකිය යුතු කරුණකි. එසේ වුවද අමෙරිකාවේ මිසිසිපි විශ්වවිද්‍යාලයට
අනුබද්ධ භ්එසදබ්ක ක්‍ැබඑරු දෙර භ්එමර්ක ඡුරදාමජඑි ඍැිැ්රජය ආයතනය මගින්ද, චීනයේ
නැන්ජින්වල පිහිටි ක්‍යසබ් ඡුය්රප්ජැමඑසජ්ක ඹබසඩැරිසඑහ මගින්ද, චීනයේ
හෙබෙයි නගරයේ පිහිටි ්‍යැඉැස ඹබසඑැා ඹබසඩැරිසඑහ මගින්ද, දකුණු
කොරියාවේ සියෝල් විශ්වවිද්‍යාලයද,
ජපානයේ ඔසාකා විශ්වවිද්‍යාලයද, මේ
වන විිට දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳව පර්යේෂණ කිරීමට අවශ්‍ය ශ‍්‍රී ලාංකික ආචාර්ය
උපාධිධාරීන් බිහි කර සහ පුහුණු කර ඇති අතර ඔවුන් වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශී්‍ය වෛද්‍ය විද්‍යායතනයේ කථිකාචාර්යවරුන් ලෙස සේවය කරති.
ඖෂධ
නිෂ්පාදන ක‍්‍රියාවලිය දෙස බැලීමේදී පෙනී යන කරුණක් නම් නාගරික ජනතාවට සහ
විශේෂයෙන්ම කාර්ය බහුල ජීවිත ගතකරන තැනැත්තන්ට ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අයත් ඖෂධ
භාවිතා කිරීමේදී යම් යම් ප‍්‍රායෝගික දුෂ්කරතා පවතින බවයි. උදාහරණ ලෙස රැුකියා
ස්ථානයේදී ඖෂධ භාවිිතය දුෂ්කරවීමල වෛද්‍ය උපදෙස් අනුව ආහාර සකස් කර ගැනීමට ඇති
අපහසුවල කෙටි කාලයකින් ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය නිර්දේශිත ආකාරයට සකස් කර ගැනීමට
ඇති අපහසුව දැක්විය හැකිය. මේ වන විට ලංකාවේ ජනතාව අතිශයින් කාර්ය බහුල ජීවන
රටාවකට හුරු වී ඇති අතර මීට දශක දෙක තුනකට පෙරදී මෙන් ගම්වල තැනින් තැන ඇවිදින හෝ
කඩපිල්වල කාලය නාස්ති කරමින් සිටින පුද්ගලයන් අද දැක ගත හැකි නොවේ. අවම වශයෙන් ඉහල
කුලී මිලක් ගෙවා හෝ ශ‍්‍රමිකයෙක් ලබා ගැනීමද අද දුෂ්කර වී තිබේ. මෙවැනි කාර්ය බහුල
සමාජ විපර්යාසයකට ලක් වී ඇති අවස්ථාවකදී ඊට ගැළපෙන ලෙස භාවිත කිරීමට ආයුර්වේද ඖෂධද
සකස් විය යුතුය. මෙම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා ඊට මුලින්ම අවධානය යොමු කරන ලද්දේ
පෞද්ගලික ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයෝය. රාජ්‍ය අංශයෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සිදු
කෙරුනේ ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් වන අතර ඒ ඒ ආයුර්වේද රෝහල්වලට අවශ්‍ය ඖෂධ එම
රෝහල්වලම නිපදවා ගැනීමේ ක‍්‍රමවේදයක් පැවතුනි. එහෙත් අන්තර්ජාල දැනීම් හුවමාරුවත්, කාර්මික
තාක්‍ෂණ දියුණුවත් සමග ජාත්‍යන්තරව තරඟ කළ හැකි ගුණාත්මක ඖෂධ නිෂ්පාදනයක්
සිදුකිරීමට ඒවා අපොහොසත් වී තිබුණි.
පෞද්ගලික
ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයන් විසින් ගෘහස්ථ මට්ටමෙන් භාවිතා කළ හැකි ආයුර්වේද ඖෂධ
කීපයක් මුලින් වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලද අතර ජනතාව අතර ඒවා වේගයෙන් ජනප‍්‍රිය
විය. මෙහිදී සිදු කළ වෙළෙඳ ප‍්‍රචාරයන් හරහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය පිළිබඳව සමහර
ජන කොටස් අතර තිබු මන්දෝත්සාහී ආකල්පයන් බිඳ වැටුණු අතර ඉහළ ප‍්‍රමිතියෙන් යුතු
ඖෂධ වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට ව්‍යාපාරිකයෝද උනන්දු වුහ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස
නවීන යන්ත‍්‍ර සුත‍්‍ර යොදා ගනිමින් උසස් තත්වයේ නිමි ආයුර්වේද ඖෂධ විදේශ වෙළෙඳ
පොළට ඉදිරිපත් කිරීමටද ඔවුන් සමග තරඟ කිරීමටද බොහෝ දේශීය ව්‍යාපාරිකයින්ට හැකි
විය. අද වන විට ලෝකයේ රටවල් රාශියකට දේශීය ආයුර්වේද ඖෂධ යවන අතර සමහර ඖෂධ ඇමරිකාව
සහ යුරෝපීය රටවල් කිහිපයක තත්ත්ව සහතිකද ලබා ඇත. කෙසේ වුවද ජාත්‍යන්තරව තරග කළ
හැකි මට්ටමට ඖෂධ නිෂ්පාදන ඉලක්ක කරා ළඟාවීමට සියලූම විද්වතුන්ගේ සහාය තවදුරටත්
අවශ්‍යව තිබේ.
විදේශීය
රෝගීන් ලංකාවට ගෙන්වා ගැනීමට ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය මේ වන විට සමත් වී තිබීම එහි
තවත් අලූත් ප‍්‍රවණතාවයකි. මේ වන විට විදේශීකයන් සැලකිය යුතු පිරිසක් දේශීය හා
ආයුර්වේද ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකාවට පැමිණෙමින් සිටිති. ඔවුන් අතරින්
ජර්මනිය ඉතාලිය ඇතුලු යුරෝපීයයන්ද ජපාන හා කොරියානුවන් ඇතුළු ආසියාතිකයන්ද බහුලය.
සමහර විදේශිකයෝ ශ‍්‍රී ලංකාවෙන් ඉඩම් හා නිවාස මිලදී ගෙන ඒවායේ ආයුර්වේද මධ්‍යස්ථාන
පවා පවත්වාගෙන යති. ඒවායෙහි ශ‍්‍රී ලාංකික ආයුර්වේද උපාධිධාරී හා පාරම්පරික
ආයුර්වේදවරුද සේවය කරති. පොදුවේ ගත් කළ රෝගී සත්කාර සේවා ලබා ගන්නා විදේශිකයන් ලෙස, ලෙඩ
රෝගවලට ප‍්‍රතිකාර ගන්නන්ද ශරීර සුවතාවය පවත්වාගෙන යාමට ප‍්‍රතිකාර ලබා ගන්නන්ද, රූපලාවණ්‍ය
වැඩි දියුණු කිරීමට ප‍්‍රතිකාර ගන්නා අයද, මානසික සහනය ලබා ගැනීම සහ
ආතතිය වැනි තත්වයන් පාලනය කර ගැනීම සඳහා ප‍්‍රතිකාර ගන්නා අයද වේ. ආයුර්වේදීය යෝග
ක‍්‍රම සහ බුදු දහමේ ඉගැන්වෙන සමහර භාවනා ක‍්‍රමද සම්මිශ‍්‍රණය වු වැඩ සටහන් සඳහා
විදේශිකයන්ගේ ඉහල ඉල්ලූමක් ඇත.
අවසාන
වශයෙන් කිව යුතු වන්නේ පසුගිය සියවසක කාලයක පටන් ශ‍්‍රී ලංකාව ගොදුරු වී සිටි
විදේශීය පාලනය, ඇතැම් දේශීය පාලකයන්ගේ බටහිර ගැති ආකල්ප, දුප්පත්කම, ත‍්‍රස්තවාදය
වැනි බරපතළ අභියෝග හමුවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමය නගා සිටුටීමට නොව රැුක
ගැනීමට තරම් වත් අවස්ථාවක් නොලැබුණු බවයි. එහෙත් මෙම ක්‍ෂේත‍්‍රයේ නියුතු වෛද්‍යවරුත්, දේශීයත්වය
අගය කරන්නා වු ජනතාවත්, සමහර පාලකයනුත් විසින් මෙම වෛද්‍ය ක‍්‍රමය සංවර්ධනය
කිරීමට ගන්නා ලද ක‍්‍රියා මාර්ග හා කැපවීමේ ප‍්‍රතිඵල මේ වන විට යම් සතුටුදායක
මට්ටමක පවතින බව නොරහසකි. එසේ වුවද විද්‍යාත්මක ක‍්‍රම වේදයන් අනුගමනය කරමින් මෙම
වෛද්‍ය ක‍්‍රමය ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් කොට ව්‍යාප්ත කිරීමට දේශීය සහ විදේශීය
සියලූම ශී‍්‍ර ලාංකික විද්වතුන්ගේ දායකත්වය එම වෛද්‍ය ක‍්‍රමයට ලැබිය යුතුම වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ
හිටපු අධ්‍යක්ෂ
ආර්. ඒ. ජයසිංහ
හිටපු අධ්‍යක්ෂ
ආර්. ඒ. ජයසිංහ

No comments:
Post a Comment